ප්‍රියන්ත බේරා ගැනීමට දැඩි උත්සාහයක නිරත වු මලික් අද්නාත් ශ්‍රී ලංකාවට පැමිණෙයි..?(VIDEO)

By Sewvandhi Dec 11, 2021 09:31 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පාකිස්ථානයේදී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතා බේරා ගැනීම සඳහා ඉදිරිපත් වූ පාකිස්ථානු ජාතිකයා මෙරට පාර්ලිමේන්තුවට කැඳවා උපහාර දැක්විය යුතු බව ඊයේ (10) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ප්‍රකාශ කළා.

මේ අතර තමන් ශ්‍රී ලංකාවට පැමිණ ප්‍රියන්ත මහතාගේ පවුලේ සාමාජිකයින් හමුවී සමස්ථ පාකිස්ථාන ජනතාව වෙනුවෙන් ශෝකය පළ කිරීමට බලාපොරොත්තුවන බව අදාළ පාකිස්ථානු ජාතික මලික් අද්නාන් පුවත්පතකට ප්‍රකාශ කර තිඛෙනවා.

පාකිස්ථානයේදී අන්තවාදීන් විසින් අමානුෂික ලෙස ඝාතනයට ලක් කළ ප්‍රියන්ත කුමාර දියවඩන මහතා බේරා ගැනීමට සිය ජීවිතය ද පරදුවට තබමින් පාකිස්ථාන ජාතික මලික් අද්නාන් මහතා ඉදිරිපත් වී තිබුණා.

මේ අතර, ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ දරු දෙදෙනාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කිරීමට ඊයේ විපක‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW