නිළි රැජිනගේ දේහය අද ජාතික චිත්‍රපට සංස්ථාවට
හෙළ සිනමාවේ නිළි රැජින, අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය මහජන ගෞරවය සඳහා අද (25) ජාතික චිත්‍රපට සංස්ථාවට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.
පවුලේ ඥාතීන් පැවසුවේ දේහය අද පෙරවරු 10.00 සිට මහජන ගෞරව සඳහා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තැන්පත් කර තැබෙන බවයි.
හෙට දිනයේ නිදහස් චතුරස්‍ර මන්දිරයේදී ද මහජන ගෞරව දැක්වීමට අවස්ථාව සලසා දී තිබෙනවා.
ඇයගේ ඥාති දියණියක් වන සමනලී ෆොන්සේකා මහත්මිය සඳහන් කළේ අභාවප්‍රාප්ත මාලිනි ෆොන්සේකා මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද දිනයේ චිත්‍රපට සංස්ථාවට පැමිණෙන ලෙසයි.
මාලිනි ෆොන්සේකා මහත්මිය පවුලේ සෙසු සමාජිකයින්ට ඉතා සෙනෙහෙබර සහෝදරියක් වූ අතර ඇගේ වියෝව පවුලට මෙන්ම රටට ද දරාගත නොහැකි පාඩුවක් බව ඇයගේ නැගනිය වන රංගන ශිල්පිනි දමයන්ති ෆොන්සේකා මහත්මිය පැවසුවා.
මේ අතර මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා පැමිණි ප්‍රවීණ රංගන ශිල්පි ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවේ ඇයගේ වියෝවය සිංහල සිනමාවට පිරවිය නොහැකි අඩුවක් බවය.
මෙරට සලකුණක් දැයට අහිමි වීම දරාගත නොහැකි බව ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලනී මහත්මිය සඳහන් කළාය.
කලක් රෝගාතුරව සිටී මාලනී ෆොන්සේකා මහත්මිය ඊයේ අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වුණි.
1947 වසරේ අප්‍රේල් මස 30 වනදා උපත ලැබූ ඇය මිය යන විට 78 වන වියේ පසුවිය.
මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව හෙට කොළඹ නිදහස් චතුරස්‍රයේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.
