පවතින අධික වර්ෂාවත් සමඟ මහ වැව් 16ක් වාන් දමයි

Report

දිවයිනට බලපා ඇති මහවැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දැදුරු ඔය, යෝධ වැව සහ තිස්ස වැව ඇතුළු ප්‍රධාන ජලාශ 16ක් තවදුරටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මේ වන විට ප්‍රධාන ජලාශ ආශ්‍රිතව සියයට 46.9ක ජල ධාරිතාවයක් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ) එල්. එස්. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේය.

මීට අමතරව දිවයින පුරා පිහිටි මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 7ක් ද මේ වන විට වාන් දමමින් පවතින බව හෙතෙම පැවසීය.

නි.ඇමති මහින්ද ජයසිංහ මහතා ගැන ආන්දෝලනාත්මක අනාවරණයක් - සුදුසුකම් බොරුලු ටීචීන් පත්වීම ලැබුණු විදිහත් එළියට

නි.ඇමති මහින්ද ජයසිංහ මහතා ගැන ආන්දෝලනාත්මක අනාවරණයක් - සුදුසුකම් බොරුලු ටීචීන් පත්වීම ලැබුණු විදිහත් එළියට

පවතින වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් ගංගා සහ ජලාශ ආශ්‍රිත පහත් බිම්වල ජීවත්වන ජනතාව නිරන්තර අවධානයෙන් හා විමසිල්ලෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියි.

වහාම ක්‍රියාත්මක වන පරිදි මේ රාජයේ සේවකයන් අද දැවැන්ත වැඩ වර්ජනයක් - කිසිවෙකු සේවයට වාර්තා නොකරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි මේ රාජයේ සේවකයන් අද දැවැන්ත වැඩ වර්ජනයක් - කිසිවෙකු සේවයට වාර්තා නොකරයි