අද සිට ලංකා විදුලිබල මණ්ඩලය අහෝසියි - විදුලිය සම්බන්ධ ගැටලුවකදී කටයුතු කරන්න ඕන විදිහ දැනුම්දෙයි
දශක 5කට ආසන්න ඉතිහාසයක් හිමි ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අහෝසිව ඇත. ඒ අනුව එම මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ සමාගම් 6 කට බෙදීමේ ක්‍රියාවලිය අද සිට බලාත්මකයි.
නව සමාගම් 06න් තුනක් වෙනුවෙන් ප්‍රධාන විධායක නිලධාරීන් ද මේවන විටත් පත් කර ඇත.
විදුලි බලයෙන් සසිරිමත් දිවියක් යන දැක්මෙන්, ලංකා විදුලිබල මණ්ඩලය 1969 අංක 17 දරන පාර්ලිමේන්තු පනතින් ස්ථාපනය කරනු ලැබුවේ 1969 වසරේ නොවැම්බර් මස පළමුවැනිදායි.
ඒ අනුව මෙරට ලංකා විදුලිබල මණ්ඩලය වෙත, විදුලිබලය උත්පාදනය, සම්ප්‍රේෂනය, බෙදා හැරීම සහ පාරිභෝගිකයින් වෙත එය සැපයීම සඳහා වන සියලු වගකීම් පැවරී තිබුණි.
එසේ වුවත් 2020 වසරෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදයත් සමඟ රාජ්‍ය ආයතනවල අධික ණය හා අලාභයට විසඳුමක් වශයෙන් ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු ආයත රැසක් ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ද නිර්දේශ විය. ඒ අනුව 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත ඒ වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු අතර ඊට පාර්ශ්ව රැසකගේ විරෝධය ද එල්ල විය.
එහෙත් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු වූ අතර ඒ අනුව එය සමාගම් 06කට බෙදීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් විය.
අඳාළ ගැසට් නිවේදනය මඟින් විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති මෙහෙයුම් සඳහා අනුප්‍රාප්තික සමාගම් හයක් පිහිටුවීමට විධිවිධාන සපයා ඇත. ඒ සඳහා ඉකුත්දා සභාපතිවරුන් සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත් කිරීම ද සිදුව තිබෙනවා.
ඒ අනුව ඉලෙකටි්රසිටි ඩිස්ටි්රයුෂන් ලංකා පුද්ගලික සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් ඉංජිනේරු කේ.එස්.අයි කුමාර පත් කර ඇත.
ඉතිහාසයේ වාර්තා වූ විශාලතම මිල වැඩි කිරීම - මැදපෙරදිග උණුසුම නිසා පාකිස්ථානය ඉන්ධන මිල 20%කින් ඉහළ දමයි
එමෙන්ම ඉලෙකටි්රසිටි ජෙනරේෂන් ලංකා පුද්ගලික සමාගම සඳහා සාලිය පණ්ඩිතරත්නත්, නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විස් ප්‍රොවයිඩර් පුද්ගලික සමාගම සඳහා ඉංජිනේරු එන්.එස් වෙත්තසිංහත් ප්‍රධාන විධායක නිලධාරීන් වශයෙන් පත් කර ඇති අතර ඊට අමතරව නැෂනල් සිස්ටම් ඔපරේටර් පුද්ගලික සමාගම, සී.ඊ.බී. එම්ප්ලෝයිස් ෆන්ඩ් පුද්ගලික සමාගම සහ එනර්ජි වෙන්චර්ස් ලංකා පුද්ගලික සමාගම යන සමාගම් තුනට අදාළ පත් කිරීම් ද ඉදිරියේදී සිදු කිරීමට නියමිත බව සඳහන්.
කෙසේ වුවද විදුලිය බිඳ වැටීමකදී, නව විදුලිය සම්බන්ධතා ලබා ගැනීමකදී ඇතුළු විදුලිය සම්බන්ධ ඕනෑම ගැටලුවකදී පාරිභෝගික ජනතාව සාමාන්‍යයෙන් ලංකා විදුලිබල මණ්ඩලය අමතන අතර ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි වුවද අදාළ සමාගම්වලින් දැනුම්දීමක් සිදුකරන තුරු එම සේවා එසේම ක්‍රියාත්මක වන බව විදුලිබල මණ්ඩලය පවසයි.