ඉරානයේ නව නායකයාට ට්රම්ප්ගෙන් මරණ තර්ජන - පියාට අත්වුණ ඉරණමම පුතාටත් අත්වෙන බවට අනතුරු අඟවයි
ඉරානයේ නව උත්තරීතර නායකයා වශයෙන් ඝාතනයට ලක් වූ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ දෙවැනි පුත්රයා වන මොජ්තාබා කමේනි තෝරා ගැනීමට ඉරානය තීරණය කිරීම ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ දැඩි විරෝධයට හේතුවක් වී තිබෙනවා.
ඒ අනුව ඇමෙරිකන් ජනාධිපතිවරයා කියා ඇත්තේ ඉරානයේ නව උත්තරීතර නායකයා පත් විය යුත්තේ තම අභිමතය පරිදි බවත්, මොජ්තාබා කමේනිට වැඩිකල් එම ධුරයේ රැඳී සිටීමට නොහැකි වනු ඇති බවත්ය.
එසේම පියා අයතුල්ලා අලි කමේනීට අත්වුණු ඉරණම ඔහුට ද අත්වනු ඇති බවත් ට්රම්ප් ප්රකාශ කර ඇත.
56 හැවිරිදි මොජ්තාබා කමේනි, එරට උත්තරීතර නායකයා වශයෙන් පත් කර ගැනීම සිදුවූයේ ඉරානයේ විශේෂඥ සභාවේ පූජකවරුන් 88 දෙනා රැස්වී ඡන්දය පළ කිරීමෙන් අනතුරුවයි.
ඒ අනුව ඉරාන රජයේ හමුදාව සහ ඉරාන ඉස්ලාමීය පාලනයට හිතවත් විප්ලවීය හමුදාව මෙන්ම ඉරාන පොලිසිය ද ප්රතිඥා දී ඇත්තේ තමන් නව උත්තරීතර නායකයා වශයෙන් තේරී පත් වුණු මොජ්තාබා කමේනි ට සහාය දක්වන බවටයි.