හදිසියේම ඇමෙරිකා ගිය හිටපු ජනපති මෛත්‍රී - ගිහින් හමු වූ අය මෙන්න.

Maithripala Sirisena Sri Lanka Politician United States of America
By Wayomi Feb 15, 2024 11:53 AM GMT
Wayomi

Wayomi

Report

ඊයේ (14) හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන සහ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර නියෝජ්‍ය සහකාර ලේකම් අෆ්රීන් අක්තර් අතර හමුවක් පැවතුනා.

ඒ, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේදීයි.

එහිදී ශ්‍රී ලංකාවේ දේශපාලන තත්වයන් පිළිබඳව එහිදී දීර්ඝ සාකච්ඡාවක නිරත වී ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික වී සකස් කරන සන්ධානය සම්බන්ධයෙන් සහ ද්විපාර්ශවික කරුණු සම්බන්ධයෙන් ඉතා සාර්ථක සාකච්ඡාවක නිරත වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අනුව එම සාකච්ඡාවේ ඉදිරි පියවර ගණනාවක් ඉදිරි මාස කිහිපය ඇතුළත ක්‍රියාවට නැංවීමට නියමිතයි.

මෙහිදී රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සහකාර ලේකම් සමඟ ඵලදායී සාකච්ඡාවක නිරත වූ හිටපු ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවට දක්වන නොමසුරු සහයෝගය පිළිබඳව ද සිය ප්‍රසාදය පළ කර ඇත.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදේශ කටයුතු ලේකම් සජින්ද වාස් ගුණවර්ධන , ශ්‍රීලනිප මධ්‍යම කාරක සභික ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංවිධානයේ සභාපති ආචාර්ය චමිල ලියනගේ සහභාගී වී තිබෙනවා.