මෛත්‍රී දේශපාලන ගේම් එහෙකට යයි?..පක්ෂ කිහිපයක් හදිසියේ හමුවෙයි.

Sri Lanka Political Udaya gammanpila Maithreepala sirisena Thissawithana
By Aruna Oct 17, 2021 03:08 AM GMT
Aruna

Aruna

Report

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක නියෝජිතයින් පිරිසක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව මුණගැසී තිබෙනවා.

ඊයේ (16) මෙම හමුව හිටපු ජනාධිපතිවරයාගේ කොළඹ පිහිටි නිවසේදී පවත්වා තිබෙනවා. මේ වන විට පවතින ගැටළු සියල්ල පිළිබදව එහිදී සාකච්ඡා වී තිබෙන බව වාර්තා වනවා.

මෙම හමුවට පිවිතුරු හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා කොමියුනිට්ස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ, ලංකා සම සමාජ පක්ෂයේ මහා ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ ඇතුලු පිරිසක් සහභාගී වී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now