තවත් ප්‍රධාන දිස්ත්‍රික්ක දෙකක් සම්බන්ධයෙන් ගත් අලුත්ම තීරණය මෙන්න.

Covid Anuradapura Thrinkomale
By Aruna Aug 19, 2021 03:32 AM GMT
Aruna

Aruna

Report

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හා කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ කොවිඩ් පාලනය වෙනුවෙන් එළැඹෙන 20 වැනිදා සිට 25 වැනිදා දක්වා කිලිනොච්චිය නගරයේ සියලු වෙළඳසැල් වසා දැමීමට තීරණය කළ බව කිලිනොච්චිය වෙළඳ සංගමය පවසනවා.

කිලිනොච්චි දිස්ත්‍රික්කය තුළ කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම පාලනය කිරීම උදෙසා අදාළ තීරණය ස්වෙච්ජාවෙන් ගත් බව ද කිලිනොච්චිය දිස්ත්‍රික් වෙළඳ සංගමය පැවසුවා.

කිලිනොච්චිය දිස්ත්‍රික්කය තුළ ගත වූ දිනය තුළ දී පුද්ගලයින් 200කට ආසන්න පිරිසකට කොවිඩ් ආසාදිත ව ඇති බවට කිලිනොච්චිය වෙළඳ සංගමයේ නියෝජිතයින් සඳහන් කළා.

මේ අතර පවතින අවදානම් තත්ත්වය හමුවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව ද සුරකීම වෙනුවෙන් අනුරාධපුර නගරයේ සහ සියලු උප නගර වල කඩ සාප්පු සහ වෙළඳ සැල් වසා දැමීමට අනුරාධපුර වෙළඳ සංසධයද තීරණය කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha