ඇමති මහින්දානන්දගෙන් විශේෂ ප්‍රකාශයක්..

Sri Lanka Mahindananda aluthgamage
By Aruna Oct 27, 2021 09:18 AM GMT
Aruna

Aruna

Report

බැක්ටීරියා අඩංගු බවට අනාවරණ වූ චීන කාබනික පොහොර ලංකාවට භාර නොගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

එමෙන්ම, එම පොහොර සාම්පලවල යළි පරීක්ෂණයක් සිදු නොකරන අතර, නැවත ගෙවීම් සිදු නොකරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර චීනයෙන් මෙරටට පොහොර ගෙන්වීමේ ක්‍රියාවලිය හරහා මෙරට ස්වෛරීභාවයට හා භෞමික අඛණ්ඩතාවයට බලපෑම් එල්ල විය හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

පක්ෂ මූලස්ථානයේ අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔහු මේ අදහස් පළ කළ අතර, තවත් නිදහස් පක්ෂ නියෝජිතයින් පිරිසක් ද එහිදී අදහස් පළ කළා.


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කියූ අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.