රටක් කැළඹූ මහින්ද-ස්ටාලින්’ පින්තූරයේ ඇත්ත කතාව හෙලිවෙයි.. කෝටි 85කුත් එළියට එයි.
ගුරු විදුහල්පති විරෝධතා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එම ගුරු විදුහල්පති සංගම් නියෝජිතයන් අතර අරලියගහ මන්දිරයේදී ඊයේ සාකච්ඡාවක් පැවත්වින.
මෙම සාකච්ඡාව අතරතුර ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමීපව සාකච්චා කරන පින්තූරයක් සමාජ ජාල ඔස්සේ සංසරණය විය.
එම අවස්ථාවේ ඔවුන් දෙදෙනා අතර වූ සංවාදය රූපවාහිනී වැඩසටහනක දී ශ‍්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය හෙළි කළාය.
“මෙතුමා ගිහින් කිව්වා අගමැතිතුමාට, සර් මම ජෝසෆ් ස්ටාලින්. මට මඩ ගහනවා කෝටි 85ක් ආවා කියලා කිව්වා.
එතකොට මං කිව්වා, ඔව් සර් ඒ ගැන හොයන්න කියලා.
ඊට පස්සේ අගමැතිතුමා මෙතුමගේ පිටට අත තියලා කිව්වා අපි සේප්පුවක් හදලා දෙමු ඒක දාන්න කියලා.
ඒකයි එතන යන දෙබස” ඇය විසින් පැවසූ දේය සත්‍ය බව ස්ටාලින් මහතාද එහිදී පැවසීය. “ඕව් ඔව්.
මෙතුමිය ළඟට ආවාම මම කිව්වා.
මෙයා හැම වෙලේම කියනවා කෝටි 85ක් හම්බුණයි කියලා අපිට. මොකක්ද මේ කථාව කියලා.
විහිළු කථාවක් මේ කරන්නේ හැමවෙලේම.
ඇයි ඉතින් මේ වගේ බොරු කියනවා නේ.”
| සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  | 
 
                 
                     
                                             
         
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
        