නීතීඥ සංගමය හදිසියේම අගමැති හමුවෙයි - හේතුව මෙන්න..
ශ්‍රී ලංකා නීතීඥ සංගමය අද (08) පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව තිබේ.
රටේ පවතින වත්මන් අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ අදහස් හා යෝජනා පිළිබඳව සාකච්ඡාකිරීම එම හමුවේ අරමුණ බව වාර්තා වෙයි.
මේ අතර ශ්‍රී ලංකා නීතීඥ සංගමය සහ නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (08) දහවල් පැවත්වුණි.
එහිදී නීතීඥ සංගමයේ යෝජනා පිළිබඳව ජනාධිපතිවරයාව දැනුවත්කිරීම සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
අද පෙරවරුවේ ශ්‍රී ලංකා නීතීඥ සංගමය සහ සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂය නියෝජනය කරන පක්ෂවල නියෝජිතයින් අතර ද සාකච්ඡාවක් සිදුවිය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |