හිටපු ජනාධිපති මහින්දගේ ආරක්ෂාව ගැන නව තීරණයක්.. මේ මොකක්ද වුණේ?. මාලිමාවෙන් එහෙම කරල ද?..

Sri Lanka Police Mahinda Rajapaksa Sri Lanka Politician Sri Lanka Podujana Peramuna Latest Headlines
By krishani Dec 11, 2024 01:45 PM GMT
krishani

krishani

Report

නීතීඥ මනෝජ් ගමගේ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීමට වර්ථමාන ආණ්ඩුව පියවර ගෙන ඇති බවයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ පොදුජන පෙරමුණු ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අද (11) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.

දෙසැම්බර් 14 වෙනිදා සිට.. වහාම, තහනම් කිරිමක් ගැන ජනතාවට දැනුම්දීමක් මෙන්න..

දෙසැම්බර් 14 වෙනිදා සිට.. වහාම, තහනම් කිරිමක් ගැන ජනතාවට දැනුම්දීමක් මෙන්න..

ඒ මහතා පැවසුවේ මානව සම්පත් කළමනාකාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ඊයේ (10) දින ලිපියක් මගින් මේ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක කොට්ඨාසය වෙත දැනුවත් කර ඇති බව ය.

ඒ අනුව ආරක්ෂක නිලධාරීන් 116 දෙනෙකු හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක කොට්ඨාසයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවත් මෙම පිරිස අතර ප්‍රභූ ආරක්ෂාව පිළිබඳව පළපුරුදු නිලධාරීන් සියල්ල ඉවත් කිරීමට කටයුතු කර ඇති බවත් ඔහු පැවසීය.

රටම බලන් හිටිය දෙය.. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන්.. එකවරම විශේෂ හෙළිදරව්වක් මෙන්න..

රටම බලන් හිටිය දෙය.. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන්.. එකවරම විශේෂ හෙළිදරව්වක් මෙන්න..

කෙසේ වෙතත්, ප්‍රභාකරන්ගේ මතවාද ඇති පිරිස් තවමත් තුරන් වී නොමැති බැවින් එම ත්‍රස්තවාදය තුරන් කිරීමට නායකත්වය ලබා දුන් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව අඩු කිරීමට ආණ්ඩුව පියවර ගැනීම ඉතා බරපතළ තත්ත්වයක් බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

You May Like This Video👇 

.

ReeCha