හිටපු ජනපති මහින්දගේ විජේරාම නිවසේ වතුර කපයි. - ඔහු ඉන්න කොටසේ විතරක් කපලා නැහැ. - ගෙවන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයලු.
By Wayomi
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාම නිල නිවසේ ආරක්ෂකයින් රැඳී සිටින කොටසක ජල සැපයුම විසන්ධි කර තිබෙනවා.
ඒ,ලක්ෂ 3ක හිඟ බිල්පත් නොගෙවීම හේතුවෙන්.
කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ රැඳී සිටින කොටසේ ජල සැපයුම විසන්ධි කර නොමැති බවද වාර්තා වෙනවා.
හිටපු ජනාධිතිවරයාගේ නිල නිවසේ ජල සැපයුමට අදාළ බිල්පත් ගෙවීම් සිදුකරනු ලබන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය විසින් බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ පවසා තිබෙනවා.