මහින්දගේ විජේරාම නිවස ගැන පොහොට්ටුවෙන් දැඩි තීරණයක් . - රජයටත් අභියෝගයක් එල්ල වෙයි.

Mahinda Rajapaksa Sri Lanka Podujana Peramuna
By Wayomi Feb 03, 2025 11:31 AM GMT
Wayomi

Wayomi

Report

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය නිල නිවසින් ඉවත් වීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, සාගර කාරියවසම් පවසනවා.

ඒ, නිල වශයෙන් රජයෙන් දැනුම්දීමක් සිදුකළ පසුව බවයි ඔහු කියා සිටියේ.

එම නිල නිවස මහින්ද රාජපක්ෂ වෙත යහපාලන ආණ්ඩුවෙන් නිල වශයෙන් ලබාදී ඇති බවත්, ඉන් ඉවත්වීමට නම් රජයෙන් නිල දැනුම්දීමක් සිදුකළ යුතු බවද ඔහු සඳහන් කළා.

ඒ, අනුව එවැනි දැනුම්දීමක් සිදුකළහොත්, මහින්ද රාජපක්ෂ එම නිවසේ සුළු මොහොතක් හෝ රැඳී නොසිටින බවද සාගර කාරියවසම් වැඩිදුරටත් සඳහන් කරනවා.

මේ අතර, නිල නිවස භාරදීමෙන් පසු මහින්ද රාජපක්ෂගේ ජීවිතයට එල්ල වියහැකි තර්ජනයන් පිළිබඳ වගකීමද රජය භාරගතයුතු බවයි මහ ලේකම්වරයා පවසනවා.

අද (03) කොලඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, සාගර කාරියවසම් මේ බව කියා සිටියා.

අලුත් බදු එක්ක Benz මිල ගණන් එළිදක්වයි. - උපරිම සැප කෝටි කීයද කියලා දන්නවද? - මිල ලැයිස්තුව පහතින්.

අලුත් බදු එක්ක Benz මිල ගණන් එළිදක්වයි. - උපරිම සැප කෝටි කීයද කියලා දන්නවද? - මිල ලැයිස්තුව පහතින්.

බදු සමඟ ආනයනික වාහනවල නව මිල ගණන් සටහන් වන්නේ මෙලෙසින්. (සම්පූර්ණ තොරතුරු ඇතුලත්)

බදු සමඟ ආනයනික වාහනවල නව මිල ගණන් සටහන් වන්නේ මෙලෙසින්. (සම්පූර්ණ තොරතුරු ඇතුලත්)


You may like this video

  


ReeCha