මැදපෙරදිග යුද්ධයෙන් මෙරට ආනයන, අපනයන වලට බලපෑමක් නැහැ - රේගුවට කියයි
ඉරාන-ඊශ්‍රායල යුද්ධය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආනයන හා අපනයන කටයුතුවලට මෙතෙක් කිසිදු බලපෑමක් එල්ල වී නැති බව ශ්‍රී ලංකා රේගු සේවය පවසයි.
රේගු සේවයේ මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේ, ඉන්ධන හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගත් නෞකා පෙර පරිදිම මෙරටට පැමිණෙමින් පවතින බවයි.
මේ අතර, ඉරානය හා ඊශ්‍රායලය අතර පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, ඊශ්‍රායලයේ යුද ගැටුම් උත්සන්න වුවහොත් එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් ආසන්න රටවලට ගෙනවිත් ශ්‍රී ලංකාවට ආපසු ගෙන ඒමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි.