විශේෂ පිරිසකට රජයෙන් රුපියල් 20,000ක දීමනාවක්..
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම මත ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ප්‍රදානයකින් මෙවර මහ කන්නයේ වී වගා කරන ගොවීන් සඳහා රුපියල් 20,000ක උපරිමයකට යටත්ව නැවත අය කර නොගන්නා මූල්‍ය ආධාරයක් ලබා දීමට රජය සැලසුම් කර ඇත.
ඒ යටතේ උපරිමය හෙක්ටයාර් එකක් හෝ ඊට අඩු ප්‍රමාණයක ගොවිතැන් කටයුතුවල නිරත කුඩා පරිමාණ වී ගොවීන් සඳහා රුපියල් 10,000ක් ද, හෙක්ටයාර් එකකට වැඩි ප්‍රමාණයක වී වගාකරන ගොවීන් සඳහා රුපියල් 20,000ක් ද වන පරිදි මෙම දීමනාව ලබාදීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
වී වගා කරන ගොවීන් සඳහා පමණක් මෙම මූල්‍ය ආධාරය ලබා දෙන අතර, ඔවුන්ගේ ගිණුම්වලට සෘජුවම මුදල් බැර කෙරෙනු ඇත.
මෙවර මහ කන්නයේ දී වගා කිරීමට නියමිත කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් ලක්ෂ 08ක් වන අතර සියලු වී ගොවීන්ට බන්ඩි පොහොර හෙවත් MOP මිලදී ගැනීම සඳහා මෙම දීමනාව ලබා දීමට සැලසුම් කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |