ගාල්ලේ බන්ධනාගාරයේ වලියක්.. පොලිස් විශේෂ කාර්ය බලකායත් කැඳවයි..
By krishani
අද (26) පස්වරුවේ ගාල්ල බන්ධනාගාරයේ රැදවියන් දෙපිරිසක් අතර ගැටුමක් සිදුව ඇත.
ඒ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ය.
එම ගැටුමෙන් රැදවියන් 4 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඔවුන් මේ වනවිට ප්‍රතිකාර සඳහා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
කෙසේ වෙතත්, එම තත්ත්වය පාලනය කිරීමට මේ වන විට පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලීසිය කැඳවා තිබෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
You May Like This Video👇