මහේෂි මධුසංඛාගෙන් තම නෑදෑයන්ට සැර ප්‍රකාශයක් (PHOTOS)

sri lanka gossip Maheshi madushanka
By Sithumi Nov 08, 2021 05:36 PM GMT
Sithumi

Sithumi

Report

මහේෂි මධුශංකා කියන්නේ නව පරපුරේ සිටින ඉතාමත්ම දක්ෂ සහ ජනප්‍රිය සුරුපී රංගන ශිල්පිනියක්.ඇය පුංචි තිරයේ වගේම රිදී තිරයේ ද නිර්මාණ රාශියකට සිය රංගන දායකත්වය ලබාදී රසිකයන්ගේ ආදරය නිරතුරුවම ලබාගන්නවා.මේ වන විට ගුවන් නියමුවකු සමග විවාහ වී සිටින ඇය ගත කරන්නේ ඉතාමත්ම සුඛෝපභෝගී ජීවිතයක්. 

දරුවන් දෙදෙනෙකුගේ මවක් වන ඇය පසුගිය කාලයේදී රංගනයෙන් මදක් ඈත්ව සිටිය ද නැවතත් ඇය රංගන ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වී සිටිනවා.”ඡායා,ඇය” ආදී ටෙලි නාට්‍ය ඔස්සේ ඉතා විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත් ඇය මේ වන විට ඉතා සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනවා

.පසුගිය දිනවල දී ඇයගේ සහ ඇයගේ ආදරණීය පුතණුවන්ගේ ජන්ම දින යෙදී තිබුණු අතර එම උපන්දින උත්සවයන් ඉතාමත් උත්කර්ෂවත්ව සැමරීමට ඔවුන් අමතක කළේ නෑ.ඉතින් අද අපි ඒ පිළිබඳව කතා කරන්නට සිතුවෙ ඇයගේ ෆේස්බුක් මාධ්‍ය ගිණුම ඔස්සේ දමා තිබූ එක්තරා සැර ප්‍රකාශයක් හේතුවෙන්.

ඒ තමයි, “නෑදෑයෝ කියන්නේ ප්‍රශ්නයක් නැත්නම් ප්‍රශ්නයක් ඇති කරන්න ඉන්න අයටයි , කතාවක් හැදිලා නැත්නම් කතාවක් හදන්න ඉන්න අයටයි.විශේෂයෙන් පුංචිලා සෙට් එක ඉන්න අයට මේක ඉතාම වැදගත්”

කියලා තමයි ඇය තම මුහුණු පොතේ සටහන් කර තිබුණේ.ඉතින් ඔවුන්ගේ පෞද්ගලික ගැටළු කුමන ආකාරයෙන් වුවත් මහේෂි මධුශංකා කියන්නේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්.ඉතින් ඇයගේ සියලුම බලාපොරොත්තු සහ ප්‍රාර්ථනාවන් ඉටු වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha