991ක් ඉන්න ඕන තැන 4,447ක් - මහර බන්ධනාගාරයේ සැබෑ තත්ත්වය වසන් කරන්න හදනවාද? සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවෙන් චෝදනා
මහර බන්ධනාගරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයට හේතුව එහි ඇති අධික තදබදය බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව සදහන් කර තිබේ .
එහි සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා අවධාරණය කළ බන්ධනාගාර නිලධාරීන් විසින් එහි සැබෑ තත්ත්වය වසන් කිරීමට උත්සහ කරමින් සිටින බවයි.
මෙම බන්ධනාගාරයේ රඳවා තැබිය හැකි සැකකරුවන් සංඛ්‍යාව 991ක් වූවත් මේ වනවිට 4,447 දෙනෙකු එහි සිටින බවත් ඔහු පෙන්වා දෙන ලදි
එමෙන්ම මෙම රැඳවියන්ට අවශ්‍ය පහසුකම් ප්‍රමාණවත් නොවන බව ද සේනක පෙරේරා මහතා තව දුරටත් සදහන් කර ඇත
මහර බන්ධනාගාරය තුළ ගැටුම්කාරී තත්ත්වයක් ඊයේ (01) පස්වරු 01.00ට පමණ ඇති වූ බවත් එය පාලනය නොකර බන්ධනාගාර නිලධාරින් එම පරිශ්‍රයෙන් ඉවත්ව රැඳවියන් අතර ගැටුමක් වර්ධනයවීමට ඉඩ හැර ඇති බවත් එතුමා සදහන් කර තිබේ .