බන්ධනාගාර රැඳවියා මියයෑම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් - ජේලර්වරයෙකු සහ පාලිකාවක් අත්අඩංගුවට

Report

කොළඹ මැගසින් බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියකින් රැදවියෙකු මියයෑම සම්බන්ධයෙන් ජේලර්වරයෙකු සහ පාලිකාවක් අත්අඩංගුවට ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් වි‍ශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මේ අතර බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී ගජනායක මහතා ප්‍රකාශ කර ඇත්තේ සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් අදාළ විමර්ශනය ආරම්භ කර ඇති බවයි.

එසේම ඊයේ පෙරවරුවේ මැගසින් බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධියකින් බන්ධනාගාර රැදවියන් දෙදෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීවරයෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇත.

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක් ජීවිතක්ෂයට

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක් ජීවිතක්ෂයට

එහිදී එක් රැදවියෙකු මියගොස් ඇති බව වාර්තා වේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව වාර්තා කළේ මෙසේ මියගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය චෝදනාවට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි 38 හැවිරිදි රැදවියෙකු බවයි.

එමෙන්ම රැදවියන් දෙදෙනෙකු සිර මැදිරිවලින් පිටතට පැමිණ දිව යාමට උත්සහ කිරීමේ දී එය වළක්වාලීමට බන්ධනාගාර නියාමකවරයෙකු කටයුතු කර ඇති අතර එහිදී ඇතිවූ සිද්ධියකින් මොවුන් තුවාල ලබා ඇති බව සඳහන්.

අඳාළ සිදුවීම සම්බන්ධයෙන් බොරැල්ල පොලිසියට ද පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

එබැවින් බොරැල්ල පොලිසිය ද ඒ පිළිබද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.  

ඉදිරි පැය 36 ගැන දැනුම්දීමක් - හෙට 1න් පසු වෙන්නේ මේකයි

ඉදිරි පැය 36 ගැන දැනුම්දීමක් - හෙට 1න් පසු වෙන්නේ මේකයි

අද කොළඹ රථවාහන තදබදයට අහුවෙන්න එපා - වසා තබන මාර්ග සහ විකල්ප මාර්ග මෙන්න

අද කොළඹ රථවාහන තදබදයට අහුවෙන්න එපා - වසා තබන මාර්ග සහ විකල්ප මාර්ග මෙන්න