අම්මෝ මම ආයෙත් නම් බඳින්නෙ නෑ’ තෙවන වරටත් විවාහ වුණ මධුමාධව කියන කතාව

sri lanka Madumadhawa
By Sithumi Nov 21, 2021 04:28 PM GMT
Sithumi

Sithumi

Report

යහපත් මිනිසෙක් ඉදිරියේ යහපත් මිනිසෙක්, නිහඬ මිනිසෙක් ඉදිරියේ මං නිහඬ මිනිසෙක්, ශබ්දය ඉදිරියේ ශබ්දවත් මිනිසෙක්” කියලා විටෙක ප්රකාශ කරන මොහු ජනප්රිය ගායන ශිල්පියෙක් ඒ වගේම රංගන ශිල්පියෙක් වගේම දේශපාලන වේදිකාව මත ජනතාව වෙනුවෙන් හඬ නගන දේශපාලකයෙක්. 

නමින් මධුමාධව අරවින්ද කියලා කියපු වහාම ලංකාවේ කොයි කවුරුත් මේ අපූර්ව චරිතය පිළිබඳ හඳුනනවා. ‘ලඹ සවන් රන් පටින්’ කියන ගීතයත් එක්ක බොහෝ දෙනා ආදරය කරන්නටත් ඔහුගේ හඬ අහන්නටත් පුරුදු වෙලා හිටියා. රංගනය තුළින් ඔහුගේ රුව දකින්නට පුරුදු වෙලා ඉන්නවා. ඉතින් මේ අපූරු පුද්ගලයා පිළිබඳ තමයි අද කතා කරන්නේ. 

ඉතින් මේ අපූරු ගායන ශිල්පයා තෙවන වරටත් විවාහ වුණු කෙනෙක්. ඉතින් ඔහු තෙවැනි වරට විවාහ වන්නේ නිලූ සමඟින්. ඇය ඉතාමත් සුන්දර වගේම ආදරණීය බිරිඳක් විදිහටත් ඔහු හඳුනාගන්නවා.ඉතින් ආදරණීය බිරිඳ ගැන ඔහු පසුගිය දවසක අපූරු කවි සිතුවිල්ලක් ඔහුගේ මුහුණුපොතට සඳහන් කරල තිබුණා. ඒ කවි පද පෙළ තමයි මේ,

” ආයුධ අරන් සොපිං කරන කාලේ රට ඇරියම පරිස්සමෙන් රාලේ සීනි බනිස් වගේ හිටියට අහිංසක ඇඳුම් ගන්න යන්නේ අරගෙන මේක පිරිමි තැළෙන හැටි දැක්කද විවාහෙක ආයෙත් නම් බඳින්නෙම නෑ කිසිදාක.” 

මධුමාධව මේක නම් කියලා තිබුණේ පෙම්වතුන්ට අවවාදාත්මක කවි, නැත්තං සැමියන්ට අනතුරු ඇගවීමේ කවි යනුවෙන්. ඉතින් ආදරණීය බිරිඳ එක්ක ෂොපින් ගිහිල්ලා බිරිඳගේ අතේ තිබුණ පුංචි ආයුධයක් නිසා තමයි ඔහු මෙහෙම කවියක් ලියලා තිබුණෙ. කොහොම වුණත් විවාහක ස්වාමි පුරුෂයන් මේ දවස් වල බොහොම පරිස්සමෙන් තමයි වැඩ කටයුතු කරන්නට ඕනේ. මොකද බඩු එහෙමත් ගනං ගියපු කාලේ බිරින්දෑවරුන්ට ෂොපින් යන්න ඔවුන්ට බොහෝ සෙයින්ම වියපැහැදම් කරන්නටත් සිද්ධවේවි

. කොහොම වුනත් ඉතින් මේ නත්තල් කාලේ අලුත් අවුරැද්දකුත් ළඟ ළඟම එන නිසාවෙන් ලස්සනට අඳින්න පලඳින්න කැමති බිරින්දෑවරුන්ගෙන් පොඩ්ඩක් පරිස්සම් වෙන්ඩ සිද්ධ වෙනව ස්වාමිපුරුෂයන්ට වගේම පෙම්වතුන්ටත්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now