සිය සැමියාගේ පොතට අපහාස කළ පුද්ගලයෙකුට එල්ල කළ චෝදනාවට මාධවී ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි - අදාළ පාඨකයා වන්දියකුත් ඉල්ලයි

Report

ජනප්‍රිය නිළි මාධවී ඇන්තනී සංජය බණ්ඩාර නමැති පුද්ගලයාගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටී. මෙයට හේතුව ලෙස දක්වා සිටින්නේ ඇයගේ සැමියා වන කසුන් මහේන්ද්‍ර හීනටිගල නමැති පුද්ගලයා පසුගියදා ග්‍රන්ථයක් එළිදැක්විය.

එහිදී එම ග්‍රන්ථය ගැන සඳහන් කරමින් එය අපහාසයට හා හාස්‍යයට ලක් කිරීමේ හේතුව මත ඇය ඔහුව ළමා අපයෝජකයෙක් ලෙස අර්ථ ගන්වා ඔහුගේ මුහුණ පෙනෙන ආකාරයේ ඡායාරුවක් සමග සමාජ මාධ්‍ය ගිණුමට සටහනක් එක් කොට තිබුණි.

නැවතත් ශෙරිල්ට උතුම් මව් පදවිය අහිමි වෙලාද? ඇය රෝහලේ - ආදරණීය සැමියා රුවන්ගෙන් සටහනක්

නැවතත් ශෙරිල්ට උතුම් මව් පදවිය අහිමි වෙලාද? ඇය රෝහලේ - ආදරණීය සැමියා රුවන්ගෙන් සටහනක්

මෙම අපහසුතාවය හේතුවෙන් සංජය බණ්ඩාර නමැති පුද්ගලයාට ඔහුගේ පෞද්ගලික වැඩ කටයුතු සිදු කරගෙන යාමට පවා නොහැකි වී තිබේ. මාධවී ඇන්තනී මෙලෙස සමාජ මාධ්‍ය ගිණුම හරහා ඔහුව ළමා අපයෝජකයෙක් ලෙස හැඳින්වීම හේතුවෙන් එය ඔප්පු කර පෙන්වන මෙන් සහ සම්පූර්ණයෙන්ම ද්වේෂ සහගත පදනම් විරහිත ප්‍රකාශයක් බව සඳහන් කරමින් ඇයට විරුද්ධව වන්දියක් ඉල්ලීමට නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන තිබේ.

සිය සැමියාගේ පොතට අපහාස කළ පුද්ගලයෙකුට එල්ල කළ චෝදනාවට මාධවී ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි - අදාළ පාඨකයා වන්දියකුත් ඉල්ලයි | Madhavi Issues Public Apology

ඇය ප්‍රසිද්ධියේ සමාව නොඉල්ලන්නේ නම් ඔහුට එම වන්දිය ඇය විසින් ගෙවිය යුතුවේ. කෙසේ නමුත් අදාල සිදුවීම සම්බන්ධයෙන් මාධවී සිය සමාජ මාධ්‍ය ගිණුමේ ස්ටෝරියක් පළ කරමින් සමාව අයද තිබුණි. එම සම්පූර්ණ සටහන පහතින් උපුටා දක්වා ඇත.

තත්පර 50 කට කෝටි 5ක් - බුකිය කැළඹු නයන් ගැන අලුත්ම ආරංචිය මෙන්න

තත්පර 50 කට කෝටි 5ක් - බුකිය කැළඹු නයන් ගැන අලුත්ම ආරංචිය මෙන්න

""ප්‍රසිද්ධ සමාව අයැදීමේ සහ ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීමේ නිවේදනය ---------------------------------------------------------- සංජය බණ්ඩාර

මහතා සම්බන්ධයෙන්, 2025 ඔක්තෝබර් මස 06 වන දින, මා විසින් මාගේ ෆේස්බුක් පිටුව හරහා සිදු කරන ලද story පලකිරීමක් සම්බන්ධයෙන් මෙයින් නිවේදනය කරමි. එම පලකිරීමේදී, සංජය බණ්ඩාර මහතාගේ නම සහ ඡායාරූපය සදහන් කරමින්, ඔහු "දේශපාලන අන්තවාදී පීඩකයෙකු සහ ළ## අපයෝජකයකු" (political extremist bully and child abuser) ලෙස මා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධව මෙසේ පැහැදිලි කරනු කැමැත්තෙමි. ඒ අනුව ඔහු ළ## අපයෝජකයෙක් ලෙස දැක්වූයේ එහි නිවැරදි වචනාර්ථයෙන් නොවන බවත් , "ළ## අපයෝජකයකු" ලෙස මා විසින් කරන ලද ප්‍රකාශය, ද්වේෂ සහගත, අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රකාශයක් බවට මාගේ සම්පූර්ණ සිහිබුද්ධියෙන් යුතුව පිළිගනිමි. ඒ අනුව, එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ඉල්ලා අස්කර ගන්නා බව මා මෙයින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටිමි. එකී ස්ටෝරියේ සඳහන් වුනු කරුණ හේතුවෙන් සංජය බණ්ඩාර මහතාට මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයන්ට සිදුවූ අසීමිත පීඩාව වෙනුවෙන් මාගේ අවංක සහ බලවත් කණගාටුව ප්‍රකාශ කරන අතර, ඒ වෙනුවෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටිමි. සංජය බණ්ඩාර මහතා මම හෝ මාගේ පවුලේ කිසිඳු හැඳුනුමක් නොමැති පූර්ණ ආගන්තුකයෙක් බව මුලින්ම සඳහන් කරනු කැමැත්තෙමි. මාගේත් මාගේ සැමියාගේත් පූර්ණ කාලීන වෘත්තීය වන්නේ කලාව සහ ලේඛණය වන අතර එයින් ලැබෙන ආදායම් ස්ථීර ඒවා නොවේ. මුල්ම වතාවට මෙසේ අප විසින් කෘතියක් ප්‍රකාශනය කළේ බැංකු ණය මුදලක් ලබාගෙන ය.

ඔහු විසින් අපහාසයට හා හාස්‍යයට ලක් කර සමාජය තුළ සාවද්‍ය පූර්වනිගමනයක් මවා පෙන්වා අපකීර්තියට පත් කළේ එම කෘතියයි. එමෙන්ම සංජය බණ්ඩාර මහතා වසර ගණනාවක් තිස්සේ මාගේ පවුලේ උදවිය ඔහුගේ දේශපාලන දැක්මට වඩා වෙනස් දේශපාලනික අදහස් දරන්නේ යැයි උපකල්පනය පදනම් කරගනිමින් විවිධාකාර ප්‍රකාශ අපගේ පින්තූර සහිතව සිය ෆේස්බුක් ගිණුමේ පළ කරමින් සිටින අතර, මෑතදී එවැනි පෝස්ටු තුනක් ඍජුව මාගේත් මාගේ සැමියාගේ, මාගේ පියාණන්ගේ නම් සහිතවද, අසැබි අරුතක් ගෙණෙන🖕ඉමෝජිය සහිතව සහ ව්‍යංගාර්ථයෙන් ද පළ කර තිබුණි.

දශක ගණනාවක් තිස්සේ කලාවේ කීර්තියක් හිමි කරගෙන සිටින අපගේ පවුලේ සියල්ලන්ගේ කීර්ති නාමය පළුදු වන ලෙසට එසේ පළ කර තිබූ පෝස්ටු වලට දහස් ගණන් පුද්ගලයන් ප්‍රතිචාර දක්වා තිබූ අතර දෙසීයකට වැඩි පිරිසක් විසින් හුවමාරු කරගෙන (share) තිබුණි. මෙසේ පළ කළ පෝස්ටු පහළින්, විවිධ පුද්ගලයන්; මා සහ මගේ ස්වාමියා මෙන්ම මාගේ මියගිය පියාණන්, මාගේ වැන්දබු මව, සහෝදරයන් සහ මාස දහයක් වයසැති බිළිඳු දරුවා ද ඈඳාගනිමින්, ද්වේෂ සහගත, අසත්‍ය සහ පදනම් විරහිත සහ වෛරී ප්‍රකාශයන් කිරීමට වේදිකාවක් සකසා දුන් හේතුවට අසීමිත වේදනාවට සහ කණස්සල්ලට පත් වීමෙන් එකී ස්ටෝරිය පළ කළෙමි.

එය හුදෙක්ම මා විසින් මාගේ ස්වාධීන අදහසක් අනුව (සැමියා හෝ පවුලේ වෙනත් අයෙකුගේ අනුදැනුමකින් තොරව) පළ කළ එකක් බවත් ප්‍රකාශ කරන අතර මෙම නිවේදනය නිකුත් කරනු ලබන්නේ මා විසින් සිදු කරන ලද එම වැරදි ප්‍රකාශය නිවැරදි කිරීමේ හා එමගින් සංජය බණ්ඩාරගේ සහ මාගේ ඥාතීන් යන දෙපාර්ශවයටම සිදුවූ හානිය වෙනුවෙන් සමාව අයැදීමේ පරම චේතනාවෙනි. ස්තූතියි. මාධවී ඇන්තනි 2025.11.12"