ඊසාන දෙසින් රට ළඟම තියෙන අඩුපීඩන කලාපයෙන් මුහුද කැළඹෙයි - ඉදිරි දින ගැන දිවයිනටම අනතුරු ඇඟවීමක්

Report

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩුපීඩන කලාපය දිවයින ආසන්න මුහුදු ප්‍රදේශයේ තවදුරටත් පවතින බවට දැනුම් දී ඇත.

ඒ අනුව මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහිත තත්ත්වය ඉදිරි දින කිහිපය තුළත් පවතිනු ඇති බවට අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයකින් පවසයි.

එමෙන්ම රටේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති අතර විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව ද සඳහන්.

එසේම බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩි තද වැසි ඇති විය හැකි වේ.

වායුගෝලය කැළඹෙයි - නිවේදනයකින් ලංකාවට ඉදිරි පැය 36 තුළ දී වෙන්න යන දේ දන්වයි

වායුගෝලය කැළඹෙයි - නිවේදනයකින් ලංකාවට ඉදිරි පැය 36 තුළ දී වෙන්න යන දේ දන්වයි

කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර මෙම පද්ධතියේ බලපෑම නිසා ඉදිරි දිනවලදී දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වැඩිවිය හැකි බව සඳහන්.

එමෙන්ම මේ සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

ජනතාවට දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ - වහාම දැනුවත් වෙන්න

ජනතාවට දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ - වහාම දැනුවත් වෙන්න

රට වටා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බවත් සුළං බස්නාහිර දිශාවෙන් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. 25-35පමණ වන බවත් වාර්තා වේ.

තවද ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 පමණ දක්වා ඉහළ යා හැකි බවත් ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වීම සහ දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මඳ වශයෙන් රළු වීමේ හැකියාවක් ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සතිය පටන් ගන්න කොටම ඔබේ ලග්නයට හිමි සුභ වෙලාව, සුභ වර්ණය, අය වැය ඇතුළු දවසේ ලග්න පලාපල මෙන්න

සතිය පටන් ගන්න කොටම ඔබේ ලග්නයට හිමි සුභ වෙලාව, සුභ වර්ණය, අය වැය ඇතුළු දවසේ ලග්න පලාපල මෙන්න

කපිලගේ අවසන් කටයුතු ඉවර වෙනවත් එක්කම එළියට ආපු ඇත්තක් - මැරෙද්දි බෙල්ලේ තිබුණු පටිය ගෙනාපු හැටියි, ගේන්න කියපු කෙනයි සියල්ල හෙළි වෙයි

කපිලගේ අවසන් කටයුතු ඉවර වෙනවත් එක්කම එළියට ආපු ඇත්තක් - මැරෙද්දි බෙල්ලේ තිබුණු පටිය ගෙනාපු හැටියි, ගේන්න කියපු කෙනයි සියල්ල හෙළි වෙයි