ලොක් ඩවුන් දැඩි කෙරේ..සතියක කාලයක් වසා දැමීමට තීරණය කරයි.
ඩෙල්ටා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ලොක්ඩවුන් රෙගුලාසි දැඩි වෙයි
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ඉදිකිරීම් වැඩබිම්වල සේවකයන් එම පරිශ්‍රවලට ඇතුළු වීම සඳහා කොවිඩ් එන්නත ලබා තිබිය යුතු බවට පනවා ඇති රෙගුලාසිවලට එරෙහිව විරෝධතා දියත් වී තිබේ.
පෙරේදා (20 වැනිදා) ඉදිකිරීම් වැඩ බිම්වල විරෝධතාකරුවන් නිසා හටගත් ගැටුම්වලින් පසු මෙල්බර්න් නුවර එම වැඩබිම් දෙසතියක කාලයක් සඳහා වසා දැමීම සිදුව ඇත.
මෙම විරෝධතා අතරතුර දේපොළවලට අලාභහානි සිදුව ඇති අතර පුද්ගලයන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
එන්නත්කරණයට එරෙහිව ඊයේ (21 වැනිදා)ද තවත් විරෝධතාවක් පැවැත් විණි.
එම විරෝධතාකරුවන් එය වාර්තා කිරීමේ යෙදී සිටි මාධ්‍යවේදීන් දෙසට මූත්‍රාවලින් පහර දී තිබේ.
සඳුදා පැවති විරෝධතා ප්‍රචණ්ඩ මුහුණුවරක් ගැනීම හේතුවෙන් ඒවා විසුරුවා හැරීමට පොලිසිය ගම්මිරිස් සහ රබර් උණ්ඩ උපයෝගී කරගෙන තිබිණි.
ඉදිකිරීම් සේවකයන් හා වෘත්තීය සමිති අතර ගැටුම් ඇති වී තිබෙන අතර දේපොළ විනාශ කරමින් සේවකයෝ හැසිරුණහ.
හෙට (23 වැනිදා) සිට බලපැවැත්වෙන පරිදි එන්නත්කරණයේ අවශ්‍යතාව ප්‍රකාශයට පත් කෙරිණි.
ඉදිකිරීම් සේවකයන් සිය වැඩබිම්වලට ඇතුළු වීමට නම් අවම වශයෙන් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා සිටීම අනිවාර්යය කර තිබේ.
වෘත්තීය සමිති නියෝජිතයන් රජයේ රෙගුලාසිවලට සහාය පළ කිරීම හේතුවෙන් සේවකයන් ඔවුන්ට එරෙහිව විරෝධය පෑමට පටන්ගෙන ඇත.
ඔස්ට්‍රේලියාවෙන් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 87,000කි.
ඒ අතරින් 1,167 දෙනෙක් මරණයට පත්ව තිබේ.
මේ වනවිට එරට ජනගහනයෙන් අඩක් පමණ ලොක්ඩවුන් තත්ත්වය යටතේ පසුවේ.
මෙල්බර්න්, සිඩ්නි, කැන්බරා වැනි නගරවල ඩෙල්ටා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ඔස්ට්‍රේලියාව ලොක්ඩවුන් රෙගුලාසි දැඩි කිරීමට පියවර ගැනිනි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |