ප්‍රධානතම නගරයක් තවදුරටත් සති 04 ක් lock down කරයි...

Curfew Lock down Australian kambara city
By Aruna Sep 14, 2021 04:30 AM GMT
Aruna

Aruna

Report

ඕස්ට්‍රේලියාවේ කැන්බරා අග නගරයද ඇතුළත් ACT ප්‍රාන්තය සඳහා පණවා ඇති ලොක්ඩවුන් තත්වය තවත් සති 04 කින් දීර්ඝ කර තිබෙනවා.

ඒ අද දිනයේදී තවත් කොවිඩ් ආසාධිතයන් 22 දෙනෙකු තහවුරු වීමත් සමගයි.

ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා පැවසුවේ 2022 වසර ආරක්ෂාකාරීව උදා කර ගැනීම සඳහා මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව නත්තල් සමයද ආරක්ෂාකාරීව සැමරීමට සිදුවනු ඇති බවටයි ඔහු අනාවැකි පළකලේ.

ACT ප්‍රාන්තය තුළ පළමුවෙන් ලොක්ඩවුන් තත්වයක් පැණවුයේ අගෝස්තු 12 වනදායි.

එය දින 07 ක් සඳහා ක්‍රියාත්මක වුවද අනතුරුව දිගින් දිගටම දීර්ඝ කරනු ලැබුවා.

මේ අනුව කැන්බරා නගරයේ සංචරණ සීමා අවසන් වනු ඇත්තේ ඔක්තෝබර් 15 වනදායි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now