කවදා තියයිද කියලා හිත හිතද හිටියේ..ඔන්න ලග ලගම දවසකලු..

Election Commission of Sri Lanka Sri Lanka Election Local government Election
By Piyumika Feb 02, 2025 02:58 AM GMT
Piyumika

Piyumika

Report

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන කාල සීමාව තීරණය කිරීමට සිදුවන්නේ මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී තිබෙන තීන්දුව මත යැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක පැවැසීය.

අදාළ තීන්දුව අනුව රජය ඉදිරි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන කාලය අනුව මැතිවරණය පැවැත්වෙන දින තීරණය කරන බවද ඔහු කීවේය.

අසනීපයක් යැයි කියා රෝහල් ගත කල පුද්ගලයෙක් හදිසියේ මිය යයි..සෝදිසියේදී හෙළි වූ ඇස් උඩ යන දේ..

අසනීපයක් යැයි කියා රෝහල් ගත කල පුද්ගලයෙක් හදිසියේ මිය යයි..සෝදිසියේදී හෙළි වූ ඇස් උඩ යන දේ..

පාර්ලිමේන්තුව ලබන පස්වැනිදා රැස්වීමෙන් අනතුරුව මෙම තීන්දුව කථානායකවරයා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ද සභාපතිවරයා පැවැසීය.

පළාත් පාලන මැතිවරණය 2023 වසරේ මාර්තු මස 09 වැනිදා පැවැත්විමට නියමිත වූ අතර එවකට රජය ඊට මුදල් ප්‍රතිපාදන වෙන් නොකිරීම හේතුවෙන් මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දැමිණි.

කෙසේ නමුත්, මෙම මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිෂන් සභාවට නියෝගයක් ද ලබාදුන්නේය.

ඉතිහාසයේ පළවෙනි වතාවට තව දවස් කිහිපයකින් විශාල ජයග්‍රහණයක්...මැසිවිලි කෙදිරිලි වලට නිසි පිළිතුරක්..

ඉතිහාසයේ පළවෙනි වතාවට තව දවස් කිහිපයකින් විශාල ජයග්‍රහණයක්...මැසිවිලි කෙදිරිලි වලට නිසි පිළිතුරක්..

පසුව දැනට පවතින නාමයෝජනා ප්‍රතික්ෂේප කර අලුතින් නාම යෝජනා කැඳවිය යුතු බවට යළි ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොණු කෙරිණි.

ඊට අදාළ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට සහ ජනාධිපතිවරයාට යොමුකර තිබේ.

කෙසේ නමුත්, රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස 08 වැනිදා පැවැත්වීමට අවධානය යොමුකර තිබෙන බවය.  

You may like this video

ReeCha