උප්පැන්න හින්දා ප්‍රතික්ෂේප වුනු නාමයෝජනා යළිත් භාරගැනීමට නියෝගයක්
පළාත් පාලන මැතිවරණය සඳහා භාරදුන් නමුත් ප්‍රතික්ෂේප වූ නාමයෝජනා අල උපැන්න සහතිකවල මුල් පිටපත් ඇතුළත් ඒවා යළි භාර ගන්නා ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.
මෙම නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් අද (02) දිනයේදී යළි විභාග කිරීමේදී, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ විනිසුරු කේ.පී. ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබා දුන්නේය.
උපැන්න සහතිකවල මුල් පිටපත් ඇතුළත් නාමයෝජනා පත්‍ර යළි භාර ගැනීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ එකඟතාවක් ඇති වීමෙන් පසුව මෙම නියෝගය ලබා දෙන ලදී.