ජනවාරියේ සිට 5000ක ජීවන වියදම් දීමනාවක් - අලුත්ම තීරණය..
මෙවර අයවැය කතාවේ දී, රජයේ සේවකයන් සඳහා රුපියල් 10,000ක ජීවන වියදම් දීමනාවක් ලබා දීමට යෝජනා කළ අතර එයින් 5,000ක් ලබන අප්‍රේල් මාසයේත් ඉතිරි මුදල ඔක්තෝබරයේත් ලබාදීමට යෝජනා කරනු ලැබුවා.
එමෙන්ම අයවැය තුළින් විශ්‍රාමිකයන් සඳහා වන රුපියල් 2,500ක් අප්‍රේල් මාසයේ සිට ලබාදීමට ද යෝජනා කළා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති රාජ්‍ය ආදායම් ඒකකයේ රැස්වීමේ දී, අදාළ රාජ්‍ය සේවක පඩි වැඩි වීමෙන් කොටසක් ලබන ජනවාරියේ සිටම ලබා දීමට අවධානය යොමුව ඇති අතර ජනවාරියේ සිට රුපියල් 5,000ක් ලබාදීමටත් අප්‍රේල් මාසයේ සිට රුපියල් 10,000ම ලබාදීමටත් ඇති හැකියාව සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වී තිබෙනවා.
ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ 2023 අපේක්ෂිත මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවේ සංඛා දත්ත අනුව මෙම තීරණයට එළැඹ ඇති බවයි වාර්තා වෙන්නේ.