පොඩි ලැසීගේ බිරිද ගාව තිබුණු රන් භාණ්ඩ තොගයක් මාට්ටු
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජනිත් මධුසංඛ නොහොත් "පොඩි ලැසී" සහ ඔහුගේ පවුලේ සමීපතම ඥාතීන් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ඹනවලට අදාළව ආරක්ෂිත සේප්පුවක තිබී රන් භාණ්ඩ යැයි සැකකෙරෙන ආභරණ තොගයක් සොයාගෙන තිබේ.

"කාමරයෙන් කාමරයට ගෙනිහින්, ඇඳුම් ගලවලා හරිම වදයක් දුන්නා" - සියදිවි නසාගැනීමට පෙර සිදුවුන සියල්ල කැම්පස් කෙල්ලක් කියයි..
ඒ අනුව, මෙම සැකකරුගේ බිරිඳගේ මව වන නල්ලාහන්දි ශ්‍යාමා කුමුදුනී යන අයට අයත් අම්බලන්ගොඩ ප්‍රදේශයේ පිහිටි බැංකුවක ආරක්ෂිත සේප්පුවක තැන්පත් කර තිබූ රන් භාණ්ඩ යැයි සැකකරන ආභරණ කිලෝ 01 ග්‍රෑම් 112 ක ප්‍රමාණයක් අධිකරණයේ නියෝග ප්‍රකාරව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය භාරයට ගෙන ඇත.
මෙම ආභරණ නීතිවිරෝධී ලෙස උපයා ගන්නා ලද මුදල්වලින් මිලදී ගන්නා ලද ආභරණ ද යන්න සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් විමර්ශන කටයුතු සිදුකරයි. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අරුමාහන්දි ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත් "පොඩි ලැසී" නැමති සැකකරු සහ ඔහුගේ පවුලේ සමීපතම ඥාතීන් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීම පනත යටතේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් මෙලෙස විමර්ශන ආරම්භ කර තිබුණි.
