කුඩා සිඟිත්තෙක් මහ මඟ දමා ගිහින්!

By Shehan Mar 10, 2025 09:26 AM GMT
Shehan

Shehan

Report

අම්බලන්‌ගොඩ මාදම්පේ දේවගොඩ ප්‍රදේශයේ මහ පාර අයිනේ දමා ගිය කුඩා බිළිඳෙකු අද උදෑසන සොයාගත් බව අම්බලන්ගොඩ පොලිසිය සඳහන් කරයි.

මාස දෙකක් වයසැති පිරිමි දරුවෙකු මෙසේ දමා ගොස් ඇති බව ඔවුන් සඳහන් කර සිටියේය.

ඉෂාරා ලංකාවේ ඉන්න බවට විශ්වාසයිලු!

ඉෂාරා ලංකාවේ ඉන්න බවට විශ්වාසයිලු!

අම්බලන්ගොඩ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ඇල්ගිරියගේ මහතාට ලැබුණු තොරතුරකට අනුව සොයා බැලීමේදී මහ මඟ හඬමින් සිටි මෙම බිළිඳා හමු වී ඇති අතර ඉන් පසු එම බිළිඳාව වහාම රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

සිඟිත්තාගේ සෞඛ්‍ය තත්ත්වය ඉතාම යහපත් බව පොලිසිය සඳහන් කරයි. 

ReeCha