මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රජය කරන්න යන අලුත්ම වැඩේ මෙන්න.

Sri Lanka Heroin Liquor Ice
By Aruna Nov 14, 2021 03:02 AM GMT
Aruna

Aruna

Report

මෙරට ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාලය පාලනය කිරීමට ගෙන ඇති පියවර හේතුවෙන් රට තුළ මත්ද්‍රව්‍ය හිඟයක් පවතින බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ රට තුළ මත්ද්‍රව්‍ය මිලද සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවය.

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම හේතුවෙන් මෙරට තුළ ක්‍රියාත්මත මත්ද්‍රව්‍ය ජාවාරම අඩපණ වී ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කළේය.

"බුද්ධි අංශවලත් ඒ වගේම පොලීසියේ ඔත්තුකරුවන්ගේ තොරතුරුවලට අනුව මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේ දී ඒ මත්ද්‍රව්‍ය පැකට් වල මිල ඉතාම සීඝ්‍ර ඉහළ ගිහින් තියෙනවා.

ඒ කියන්නේ මත්ද්‍රව්‍ය වල විශාල හිඟයක් තියෙනවා.

ඒ මත්ද්‍රව්‍ය ගෙන්නන ගෙන්නලා බෙදාහරින ඒ ලොකු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අපි බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයක් කරලා ඒ බන්ධනාගාරයට දලා තියෙනවා.

ඒ අයට දුරකථනයක්වත් ගන්න බැරි විදියට ස්වංක්‍රීය තාක්ෂණික උපකරණ සවිකරලා තියෙනවා.

ඒ අයට ඒ ජාවාරම කරන්න බැරි තත්ත්වයක් ඇති කරලා තියෙනවා. ඒ අයගේ ගෝලයෝ ඉන්න අය සුළු පරිමාණයෙන් කරනවා පිට ඉන්න අය. ඒවත් අපි විශාල වශයෙන් අල්ලනවා.

මේ මත්ද්‍රව්‍ය අල්ලගත්ත වහාම විනිශ්චයකාරවරයෙක් ට මේ මත්ද්‍රව්‍ය ඉදිරිපත් කරලා එයින් සාම්පල කිහිපයක් තබාගෙන අනිත් මත්ද්‍රව්‍ය සියල්ල ඒ විනිශ්චයකාරවරයා ඉදිරියේ විනාශකරලා දානවා.

ඒ පිළිබඳව අධිකරණ අමාත්‍යාංශයත් නීතිපති දෙපාර්තමේන්තුවත් වැඩකටයුතු කරගෙන යනවා නුදුරේදීම අපිට ඒ වැඩෙත් කරන්න පුළුවන්."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now