අකුණු පිලිබඳ අවවාදාත්මක නිවේදන.
Sri Lanka
Department of Meteorology
Weather
By Hashini
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අද (03) රාත්‍රී 11.30 වන තෙක් එම අවවාදාත්මක දැනුම්දීම වලංගු වන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
දකුණ, සබරගමුව, මධ්‍යම, ඌව, උතුර, වයඹ සහ උතුරු මැද පළාත්වල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතීන බව එහි සඳහන් වනවා.
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන්.
ඇතැම් ප්‍රදේශවල මි.මී 100 පමණ තද වැසි බලාපොරොත්තු විය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති හැකිය.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
