ආරක්ෂාව ඉල්ලා පොලිස්පති ට විශේෂ ලිපියක්..!

Report

රටේ පවතින කලහකාරී තත්ත්වය මත ඉන්ධන ටැංකි රථ සඳහා නිසි ආරක්ෂාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පොලිස්පතිවරයා ට ලිපියක් යොමුකර තිබේ. එම සංගමයේ සම ලේකම් ඩී.වී ශාන්ත සිල්වා මහතා විසින් එම ලිපිය යොමුකර ඇත.

ඉදිරි දින දෙක ඇතුළත නිසි ආරක්ෂාවක් නොලැබෙන්නේ නම් ටැංකි රථ හිමිකරුවන් ට සේවයට වාර්ථා කිරීම අපහසු බව ද එම ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ. එම නිසා රටේ පවතින කලහකාරී තත්ත්වය මත ටැංකි රථ අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇති බැවින් ඉක්මනින් මේ පිළිබඳ තීරණයකට එළඹෙනු ඇතැයි විශ්වාස කරන බවද එම ලිපිය මඟින් පොලිස්පතිවරයාට දැනුම්දී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now