ප්‍රබලයෙක්ගෙන් හදිසියේම සංචාරක තහනමක් ද සමගින් අනතුරු ඇඟවීමක්..

By krishani Oct 18, 2023 06:19 PM GMT
Report

එක්සත් ජනපදය විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ ලෙබනනයට සංචාර නොකරන ලෙසයි.

ඒ සම්බන්ධයෙන් දැනුම් දෙමින් සංචාරක අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇත.

එක්සත් ජනපදය ලෙබනනයට සංචාරය නොකරන ලෙස මෙලෙස සංචාරක අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ ඊශ්‍රායලය සහ ලෙබනන් සටන්කාමී කණ්ඩායමක් වන හිස්බුල්ලා අතර රොකට්, මිසයිල සහ කාලතුවක්කු ප්‍රහාර සම්බන්ධව පවතින ආරක්ෂක තත්ත්වය උපුටා දක්වමින් ය.

මේ අතර හමාස් සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාරයක් දියත් කළ දින සිට ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සටන්කාමීන් අතර ආතතීන් උත්සන්න වී තිබෙනවා.

ඊශ්‍රායලය සහ ලෙබනනය යන රටවල් දෙකම දේශසීමා ආසන්නයේ ප්‍රජාවන් ඉවත් කර ඇත්තේ යුද ගැටුම් උත්සන්න වීමේ බිය මධ්‍යයේ ය.

කෙසේ වෙතත්, විදෙස් මාධ්‍ය සඳහන් කළේ ගාසා රෝහලක සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් කෝපයට පත් විරෝධතාකරුවන් ලෙබනන් අගනුවර බීරූට් හි එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් පිටත විශාල ගින්නක් ඇති කළ බවයි.