ජලාශවල ජල මට්ටමේ නවතම තත්වය.
Sri Lanka
By Wayomi
මේ වන විට පවතින වියලි කාලගුණය හේතුවෙන් මහවැලි අධිකාරියට අයත් ජලාශ 21ක ජල මට්ටම තවදුරටත් පහල බැස තිබෙනවා.
බොහෝ ජලාශවල ජල මට්ටම සියයට 50 දක්වා පහත වැටී ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම සමනල වැවේ ජල මට්ටම සියයට 2.5 දක්වා පහත වැටී ඇති අතර, සමනල වැවෙන් ජලය සපයන උඩවලව ජලාශයේද ජල මට්ටම සියයට 2.8ක අගයක පවතින බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ
