මෙරට ලෝක පූජිත ක්‍රීඩකයෙකු ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කරයි.

Corona virus Sri lanka covid 19
By Sithumi Sep 14, 2021 12:22 PM GMT
Sithumi

Sithumi

Report

මෙරට දග පන්දු යවන ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩකයෙකු වන ලසිත් මාලින්ග ක්‍රිකට් දිවියෙන් සමුදීමට තීරණය කර තිබේ.

ඔහු සිය ෆේස්බුක් ගිනුමේ පල කල අදහස පහතින්.

වසර 17 ක් පුරාවට ජාතික සහ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තුළින් මම ලබාගත් දැනුම, අත්දැකීම් තවදුරටත් මට ක්‍රිකට් පිටියක් තුල අවශ්‍යය වෙන එකක් නෑ.. මොකද..මගේ ක්‍රිකට් ජීවිතයේ ඉතිරි වුන අවසන් පුරුක,T20 ක්‍රිකට් වලටත් සමුදීමට මම අද තීරණය කළා

. ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න, ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න මහන්සිවෙන අපේ නවක ක්‍රීඩකයන්ට වගේම ක්‍රිකට් වලට ආදරය කරන ඔයාලා එක්ක මම හැමදාමත් ඉන්නවා. තෙරුවන් සරණයි! w w w w w o මේ වගේ over එකක් කවදා හරි දවසක දාන්නෙත් අපේම කොල්ලෙක් තමයි ! The experience that I have gained through the past 17 years will no longer be needed in the field since I have decided to retire from T20I Cricket marking my retirement from all formats of cricket. But I will be continuously supporting the younger generations who thrives to uplift the spirit of the game and I will always be there with all who love the game. May the triple gem bless you all! Sri Lanka Cricket Mumbai Indians Melbourne Stars Rangpur Riders Kent Cricket Guyana Amazon Warriors Maratha Arabians Montreal Tigers


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery