රුසියානු-යුක්‍රේන යුද්ධයේදී මියගිය ලංකික රණවිරුවන් ගැන රජයේ අනාවරණය. (VIDEO)

Report

මිනිස් ජාවාරම් කටයුතුවල නිරතවන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය මඟින් උපරිම දඩුවම් පමුණු වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ප්‍රකාශ කරනවා.

මෙරට රාජ්‍ය බැංකුවකින් මහජනතාවට දැනුම්දීමක්.

මෙරට රාජ්‍ය බැංකුවකින් මහජනතාවට දැනුම්දීමක්.


ඔහු වැඩිදුරටත් කියා සිටියේ, රුසියානු - යුක්‍රේන යුද්ධය සඳහා කුලී හේවායන් ලෙස මෙරට විශ්‍රාමික හමුදා සෙබළුන් යොමු කරමින් මිනිස් ජාවාරමේ නිරත බවට සැකපිට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීයෙකු ඇතුළු තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග අරඹා ඇති බවත්ය.

අමාත්‍ය මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (15) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එමෙන්ම යුද්ධයට එක් වූ ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් පැමිණිලි 288ක් මේ වන විට ලැබී ඇති බවත්, ඔහු තවදුරටත් පෙන්වාදෙනවා.