වහාම තවත් ඉන්ධන වර්ගයක මිල ගැනත් විශේෂ තීරණයකට යයි..

Fuel Price In Sri Lanka Latest Headlines Decision Making
By krishani Apr 30, 2024 04:52 PM GMT
krishani

krishani

Report

ලංකා IOC සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

වහාම තවත් ඉන්ධන වර්ගයක මිල ගැනත් විශේෂ තීරණයකට යයි.. | Lanka Ioc Also Lowers Its Fuel Prices

අද (30) දින මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අනුව ලංකා IOC ඉන්ධන මිල ගණන් ද පහළ දැමෙනු ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3කින් පහළ දමා ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 368ක් ලෙසයි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩු කර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 420ක් ලෙසයි.

එමෙන්ම, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 30කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 333ක් වේ.

ලංකා සුපිරි ඩීසල් රුපියල් 9කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 377ක් ලෙස දැක් වේ.

කෙසේ වෙතත්, භූමිතෙල් මිල රුපියල් 30කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 215ක් වේ.