නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කරයි
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයකට ඇදහැලෙන අධික වර්ෂාපතනය හමුවේ නාය යෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබේ.
තවද එම ම සංවිධානය සදහන් කළේ අදියර 1 යටතේ මෙම අනතුරු ඇඟවීම් යාවාත්කාලීන කිරීමට කටයුතු කළ බවයි.
ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ, ඌව පරණගම, කන්දේකැටිය, හල්දුම්මුල්ල, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කොරළය, උඩුනුවර, තුම්පනේ, පස්බාග කොරළය, ගඟවට කොරළය, උඩුදුම්බර, උඩපළාත, පාතහේවාහැට, යටිනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලටත්
තවද කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, යටියන්තොට, දැරණියගල, කෑගල්ල, මාවනැල්ල, රඹුක්කන, ගලිගමුව, රුවන්වැල්ල, වරකාපොල, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම, රිදීගම, මල්ලවපිටිය, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, අඹගමුව, හඟුරක්කෙත, කොත්මලේ, රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න, බලංගොඩ, ඉඹුල්පේ, කලවාන, රත්නපුර සහ කිරිඇල්ල, යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත් මෙම අනතුරු ඇඟවීම් යාවත්කාලීන කිරීමටයි.