මාධ්‍ය හැඳුනුම්පත් ‘ප්‍රමුඛයන්’ට පමණක් - මෙන්න අලුත්ම ක්‍රමයක්
ඇමතිවරුන්ගේ මාධ්‍ය ලේකම්වරුන්ට, රජයේ ආයතනවල නිලධාරීන්ට සහ අත්‍යවශ්‍ය නොවන වෙනත් පුද්ගලයන්ට මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කිරීම පූර්ණයෙන් අත්හිටුවා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර මහතා පැවසුවේ;
“අතීතයේදී මාධ්‍ය හැඳුනුම්පත් විශාල වශයෙන් නිකුත් වුණා. සමහර ආයතන සීමාවක් නැතිව අයදුම් කළා. ඒ නිසා මේ වසරේ සිට අත්‍යවශ්‍ය නොවන අයට කාඩ්පත් නිකුත් කිරීම අත්හිටුවා තිබෙනවා.”
2024දී නිකුත් වූ මාධ්‍ය හැඳුනුම්පත් සංඛ්‍යාව 8,100 ක් වූ අතර 2025දී එය 4,800 දක්වා (අඩකටත් වඩා අඩු) පහත වැටී ඇත.
පෙර වසරවල කාඩ්පත් ලබාගත් නිලධාරීන්ටද මෙවර නව කාඩ්පත් නිකුත් නොකෙරෙන බවත්, මෙය මාධ්‍ය මර්දනයක් නොවන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.
“පෙර ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරුන්ටත් මාධ්‍ය කාඩ්පත් තිබුණා. මම පෞද්ගලිකව එකක් ගන්න ඉල්ලුවාම ප්‍රතික්ෂේප කළා. මේක වගකීම් සහගත පියවරක් පමණයි”
යයි ඔහු තවදුරටත් පැවසීය.
මෙම තීරණයත් සමඟ රජයේ නිලධාරීන් අතර මාධ්‍ය හැඳුනුම්පත් අයුතු ලෙස භාවිතයට ගැනීමේ ප්‍රවණතාවයට වැට එල්ල වනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.