රැළියේ ආසනයක් නොමැතිව අසරණ වුන තලතා
නුගේගොඩ රැළියේ ආසනයක් නොමැතිකම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂ මහලේකම් තලතා අතුකෝරළ මහත්මියට ටික වේලාවක් බලා සිටීමට සිදුව ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ අනෙකුත් විරුද්ධ පක්ෂ විසින් සංවිධානය කරන ලද දැවැන්ත රැලියක් අද නුගේගොඩ එලිමහන් රංග පීඨයේදී මේ වන විට ආරම්භ කර තිබේ.
ඒ අනුව රැළියට සහභාගී වීමට එහි පැමිණි තලතා අතුකෝරළ මහත්මියට ටික වේලාවක් ආසනයක් නොමැතිව රැදී සිටීමට සිදුව තිබේ .
ඉන් පසු, ඉදිරි පෙළ ඇයට ආසනයක් සූදානම් කර ඇත.
ඒ වගේම මීට ටික වේලාවකට පෙර ආරම්භ වූ නුගේගොඩ රැලියට විශාල පිරිසක් සහ දේශපාලන චරිත සහභාගී වී තිබීම විශේෂත්වයක් වේ.