“දින 9කට රු. ලක්ෂ 8 ඉක්මවයි” - දුඹුරු සීනි එක්ක පාර්ලිමේන්තුව රත්වේ
රජය විසින් අලුතින් විවෘත කළ දුඹුරු සීනි අලෙවිසැල අසාර්ථක බවට විපක්ෂයෙන් එල්ල වූ චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසන්නේ, අලෙවිසැල විවෘත කර දින 9ක් ඇතුළතදීම අලෙවිය රුපියල් ලක්ෂ 8කට අධික මුදලක් ඉක්මවා ගොස් ඇති බවයි.
සමගි ජන බලවේගයේ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විසින් පාර්ලිමේන්තුවේදී චෝදනා කළේ මෙම අලෙවිසැල “අසාර්ථක ව්‍යාපෘතියක්” බවයි. එම චෝදනාවට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ:
“කඩේ විවෘත කර තිබෙන්නේ දින 9ක් විතරයි. ඒ තුළම අලෙවිය රුපියල් ලක්ෂ 8 ඉක්මවලා. මේකෙන් පේනවා මහජන ඉල්ලුම ඉහළයි කියලා. සංකල්පය සාර්ථකයි කියලා.”
දුඹුරු සීනිවලට වඩා සෞඛ්‍ය සම්පන්න බවත්, ඒවා මිල අඩු මට්ටමකට ගෙන ඒමෙන් සාමාන්‍ය පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට ලබාදීමත් මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
රජයේ මෙම මුලපිරීම සීනි මිල ස්ථාවර කිරීමටත්, සෞඛ්‍ය සම්පන්න පරිභෝජන රටාවක් දිරිගැන්වීමටත් බලපාන බව ඔහු තවදුරටත් පෙන්වා දුන්නේය.
විපක්ෂයේ චෝදනා “පදනමක් නැති” බවත්, සංඛ්‍යාලේඛනම එය ඔප්පු කරන බවත් නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා අවධාරණය කළේය.