ගුවන් යානයක් කඩා වැටේ නියමුවා ජීවිතක්ෂයට

Report

ඩුබායි ගුවන් සංදර්ශනයේ පැවති ප්‍රදර්ශනයක් අතරතුර ගුවන් යානයක් කඩා වැටී ඇත.

ඉන්දියානු ගුවන් හමුදාවේ භාවිතා කරන ලද ඉන්දියානු HAL තේජාස් සටන් ගුවන් යානය, එරට වේලාවෙන් පස්වරු 2:10 ට පමණ කඩා වැටී ඇත.

විදේශ මාධ්‍ය වාර්තාවලට අනුව, එම යානයේ ගුවන් නියමුවා ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වේ.

නරඹන්නන් පිරිසක් බලා සිටියදී ඩුබායි වර්ල්ඩ් සෙන්ට්‍රල් හි අල් මක්ටූම් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඉහළින් කළු දුමාරයක් නැඟුණු අතර, අනතුරෙන් පසු සයිරන් නාද විය.  

පකිස්තානයේ කම්හලක පිපිරීමකින් 15ක් මරුට

පකිස්තානයේ කම්හලක පිපිරීමකින් 15ක් මරුට

බිලියන ගාණකගේ WHATSAPP ෆොටෝ ලීක් වෙලා

බිලියන ගාණකගේ WHATSAPP ෆොටෝ ලීක් වෙලා