මේ දිස්ත්‍රික්ක සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිකුත් කෙරේ - හෙට සවස 7 දක්වා වලංගු වන අනතුරු ඇඟවීම මෙන්න

Report

දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. නුවරඑළිය, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අවදානයෙන් සිටින ලෙස ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු අඟවා තිබේ.

ලංකාවේ මුහුදු ප්‍රදේශ කැළඹෙයි - මුහුදු රළ මීටර 2කට උඩින් එයි - ධීවර හා නාවුක ප්‍රජාවට දැනුම්දීමක්

ලංකාවේ මුහුදු ප්‍රදේශ කැළඹෙයි - මුහුදු රළ මීටර 2කට උඩින් එයි - ධීවර හා නාවුක ප්‍රජාවට දැනුම්දීමක්

මීට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, රත්නපුර, කුරුවිට, නිවිතිගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත්ව සිටින ලෙසත් අනතුරු අඟවා ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ මෙම අනතුරු ඇඟවීම අද (20) පස්වරු 7.00 සිට හෙට පස්වරු 7.00 දක්වා ක්‍රියාත්මක බවය.

මලගමක් වූ පලස්තීනය - තම ජනතාව වෙනුවෙන් කතා කරන්න ආ ජනපතිට දෙවන වරටත් වීසා තහනමක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට එන්න තහංචි

මලගමක් වූ පලස්තීනය - තම ජනතාව වෙනුවෙන් කතා කරන්න ආ ජනපතිට දෙවන වරටත් වීසා තහනමක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට එන්න තහංචි