දිස්ත්‍රික්කයකට රතු එළියක් - ඔයත් මේ ප්‍රදේශවල නම් මේ ගැනත් අවධානයෙන් සිටින්න.
By krishani
රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.
මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ අද (12) පස්වරු 4 සිට හෙට (13) පස්වරු 4 දක්වායි.
ඒ අනුව මෙම අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත්තේ ඇහැළියගොඩ, කුරුවිට සහ රත්නපුර යන ප්‍රදේශවලට වේ.
කෙසේ වෙතත්, ආපදා කලමණාකරන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අදාළ ප්‍රදේශවල ජීවත්වන පිරිස් මෙම අනතුරු ඇගවීම් සම්බන්ධව නිරතුරු විමසිල්ලෙන් පසුවන ලෙසයි.