සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යද්දී - මේෂ ලග්නයේ උපන් ඔබට කොහොමද ?

Report

මේෂ ලග්නය

ආගම දහමට නැඹුරුව ක්‍රියා කරන්න

මෙම වර්ෂයේ ඔබේ රැකීරක්ෂා කටයුතු බෙහෙවින් දියුණුවට පත් වේ. මෙතෙක් පැවති රැකියා බාධා දුරුවන නව රැකියා බලාපොරොත්තු පහසුවෙන් ඉටු කර ගත හැකි වේ. උසස් වීම්, තනතුරු ආදිය මෙන්ම ස්ථාන මාරු ආදිය ද ලබා ගත හැකි වේ. විදෙස් රැකියා බලාපොරොත්තු ඉටු වේ.

රට කඩා වැටුණු වෙලාවේ භාර ගන්න රනිල් ඇරෙන්න වෙන කෙනෙක් හිටියේ නැහැ - ලාල් කාන්ත කියයි

රට කඩා වැටුණු වෙලාවේ භාර ගන්න රනිල් ඇරෙන්න වෙන කෙනෙක් හිටියේ නැහැ - ලාල් කාන්ත කියයි

මිල මුදල් ලැබීම් අතින්ද මෙම වර්ෂය ඉතාම සුබදායකය. අනපේක්ෂිත මුදල් ලාභ හිමි වේ. ගොවිතැන්, ඉඩකඩම්, වගා කටයුතු ආදීයෙන් ඉහළ ආදායම් ලැබෙන අතර වෙළෙඳ ව්‍යාපාර වලින්ද ලාභ ප්‍රයෝජන අත් වේ. එහෙත් නිෂ්ප්‍රයෝජන වියදම් යෙදීමට ද, ධන හානිවලට ද ඉඩ ඇති බැවින් උපයන ධනය වියදම් කිරීමේදී ඉතාම කල්පනාකාරීව කටයුතු කළ යුතුය.

දැනට ඔබට සෙනසුරු ඒරාෂ්ඨකයක් ආරම්භ වී ඇති නිසා සිත් පීඩා ඇති විය හැකි බැවින් පවුල තුළ සතුටට, සමගියට බාධා ඇති විය හැක. පවුලේ අය වෙනුවෙන් වියහියදම් කිරීමට ද සිදුවේ. නොකළ වැරදිවලට චෝදනා ලැබීමට ඉඩ ඇත. මෙම වර්ෂය තුළ ඔබ කිසිදු වැරදි ක්‍රියාවකට යොමු වන්නට එපා. එසේ වුවහොත් ඔබේ පවුල් ජීවිතයට හානි මෙන්ම නීතියෙන් පවා ඔබ වැරදිකරුවකු වීමට ඉඩ ඇත. මේ වසරේ ඔබේ ශරීර සෞඛ්‍යය එතරම් යහපත් නොවේ.

දේශබන්දුගේ චෝදනා විමර්ශනයට කමිටු සාමාජිකයින් පත් කිරීම ලබන සතියේදී

දේශබන්දුගේ චෝදනා විමර්ශනයට කමිටු සාමාජිකයින් පත් කිරීම ලබන සතියේදී

පවතින අසනීප තත්ත්වයන් වැඩි විය හැකි අතර උණ, උදරාබාධ, ලේ සම්බන්ධ රෝග, හෘදයාබාධ ආදිය ඇති විය හැකිය. මෙම රෝගාබාධ ඔබට මෙන්ම ඔබේ පවුලේ අයට ද ඇති විය හැකිය. ඒවා නිසා වියහියදම් මෙන්ම බොහෝ වෙහෙස මහන්සි වීමට ද ඔබට සිදු වේ. ඔබේ අධ්‍යාපන කටයුතු හොඳින් ඉටු කර ගත හැකි අතර තරග විභාග ආදියෙන් ජය අත් වේ.

අධ්‍යාපන කටයුතු සඳහා අන් අයගේ උදව් උපකාර හිමි වන අතර විදේශීය අධ්‍යාපනයට ද අවස්ථා උදා වේ. සෙනසුරු 12 වැන්නේ ගමන් කරන නිසා ඔබ තුළ ආගමික නැඹුරුවක් ඇතිවිය හැකි බැවින් ඉන් ප්‍රයෝජන ගෙන හැකිතාක් ආගම දහමට නැඹුරුව ක්‍රියා කරන්න.