දේශබන්දුගේ චෝදනා විමර්ශනයට කමිටු සාමාජිකයින් පත් කිරීම ලබන සතියේදී

Report

 පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඉදිරිපත්වී ඇති චෝදනා සම්බන්ධව විමර්ශනය කිරීමට පත්කරන කමිටුව සඳහා සාමාජිකයින් පත් කිරීම එලැඹෙන සතියේදී සිදු කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ඒ අනුව කතානායකවරයා අගවිනිසුරුවරයා ඇතුළු අදාළ පාර්ශ්ව වෙත ඒ සම්බන්ධව ලිඛිතව දැනුම් දී ඇති බව සඳහන්ය. ස්ථාවර නියෝගවලට අනුව මෙම කමිටුව සඳහා අගවිනිසුරුවරයා විසින් විනිසුරුවරයෙකුද අගමැති සහ විපක්ෂ නායක යන දෙදෙනාගෙන් එකඟතාවෙන් යුත් වෘත්තිකයෙකුද පත් කිරීමට නියමිතව තිබේ.

හිටපු ජනපති කෙනෙක්ටත් සිතාසි යවයි කියලා හිතුවද.නීතිය සැමට සමානයි ජනපති අනුර කියයි

හිටපු ජනපති කෙනෙක්ටත් සිතාසි යවයි කියලා හිතුවද.නීතිය සැමට සමානයි ජනපති අනුර කියයි

එමෙන්ම මෙම කමිටුව සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා අනිවාර්ය සාමාජිකයෙකු ලෙස පත් කළ යුතුව ඇත. ඒ අනුව මෙම කමිටුව ස්ථාපිත කළ වහාම එම විමර්ශන කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේදී පසුගිය 08 වැනිදා ඡන්ද 151කින් සම්මත විය.

දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් නෙරපා හැරීමේ යෝජනාව ආණ්ඩුවේ මැති ඇමතිවරු පිරිසක් විසින් කතානායකවරයා වෙත භාර දී තිබුණි.

මියන්මාරයේ යලි භූ කම්පන තත්ත්වයක්

මියන්මාරයේ යලි භූ කම්පන තත්ත්වයක්