සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යද්දී - තුලා ලග්නයේ උපන් ඔබයි ධන කුවේරයෙක් වන්නේ
තුලා ලග්නය
රැකියා උසස්වීම්
විපරීත රාජයෝග තුනක් සමගින් ඔබට ඇරඹෙන මෙම නව වසර ධනය පැත්තෙන් ඉතා සුබදායී වේ. ලග්නාධිපති 6 වැන්නේ වීමත්, ගුරු 9 වැන්නට පැමිණීමත් නිසා ඔබේ වැඩකටයුතු වලට අවශ්‍ය පරිදි මුදල් ලැබෙයි.
ඔබේ රැකියා සහ ව්‍යාපාර කටයුතු ද ඉතා සාර්ථක වන අතර රැකියාවේ උසස්වීම් ආදිය ද හිමි වේ. නව රැකියා, ස්වයං රැකියා ඇරඹීමට ද මෙම වර්ෂය ඉතාම සුබදායකයි. නව ව්‍යාපාරවල මුදල් ආයෝජනය කිරීමට ද ඉතා සුදුසුයි.
විදෙස් රැකියා බලාපොරොත්තු ද පහසුවෙන් ඉටු කර ගත හැකි වසරකි. පවුලේ අය සමග කටයුතු කිරීමේදී කෝප නොවී හැම විටම ඉවසීමෙන් කටයුතු කිරීම තුළින් ඔබේ ගෘහ ජීවිතයේ වාසනාවන්ත සහ සතුටුදායක කරගත හැකිය.
කෙසේ වෙතත් ගුරු 9 වැන්නේ ගමන් කිරීම නිසා ඔබ වඩාත් ආධ්‍යාත්මික අංශයට නැඹුරු වන අතර ඒ තුළින් ඔබේ සිතුවිලි පහන් බවට පත්ව නිවස තුළ සැප, සතුට දියුණුව උදා වේ. ගුරු 9 වැන්නේ ගමන් කරන මේ වර්ෂයේ ඔබේ අධ්‍යාපන කටයුතු ඉතා සාර්ථක වෙයි.
විශේෂයෙන් උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර විදෙස් රටවල අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව වැනි පහසුකම් ආදිය හිමිවෙයි. තරග විභාග ආදියෙන් පහසුවෙන් ජයග්‍රහණ ලැබිය හැක. ඔබට තදබල සෞඛ්‍ය ගැටලු ද ඇති නොවන අතර ඉඳ හිට සුළු අසනීප ඇති වුවත් පොදුවේ නිරෝගී ජීවිතයක් ගත කළ හැකිය. ඔබේ දරුවන්ට බෝවන රෝග වැනි අසනීප සෑදීමට ඉඩ ඇත.
