අද ලග්න 06කට හදිසි ධන ලාභ ලැබෙන වාසනාවන්ත දිනයක්..මේ වටිනා අවස්ථාව මග ඇරගන්න එපා..

Horoscope Astrology Lagna Palapala Jothishya Lagna
By Aruna Dec 04, 2023 11:15 PM GMT
Aruna

Aruna

Report

මේෂ ලග්නය

ක්‍රියාකාරකම් බහුලයි. තරමක් අතපසුවීම් වලට හේතු ගෙනදෙයි. ඉවසීමෙන් ක්‍රියාකළ යුතු දිනකි. ඉඩකඩම් පිළිබඳ ගැටලු යහපත් වෙයි. ඇසුරු කරන්නන් අතර ප්‍රසාදයට පත්වේ. හදිසි ධනලාභ ලබයි. ස්නායුගත රෝග මතු කරයි.

වෘෂභ ලග්නය

රාජකාරි කටයුතු වලට අමතර ක්‍රියාකාරකම්ද යෙදේ. තරමක් අවිවේකී දිනකි. ව්‍යාපාර වල දියුණුවක් දැකගත හැක. අලුත් වැඩකටයුතු වලද යෙදේ. ඉවසීමෙන් ක්‍රියාකළ යුතු දිනකි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතුවේ.

මිථුන ලග්නය

තරමක් වෙහෙසකාරී ක්‍රියාවන් යෙදේ. ආවේගශීලී ගති මතු කරයි. ඉවසීමෙන් ක්‍රියාකළ යුතුය. පොදුසේවා කටයුතු වල මූලිකව ක්‍රියාකරයි. වෙද හෙදකම් ක්‍රියාවන්හිද යෙදේ. හදිසි ලාභ ලබයි. පාද ආබාධ මතු කරයි.

කටක ලග්නය

ප්‍රබෝධයෙන් ක්‍රියාකරන දිනකි. රාජකාරි ස්ථානයේද ප්‍රධාන වෙයි. කලක් මනසට වධදුන් ප්‍රශ්නයක් යහපත් ලෙස විසදේ. තනතුරු ලාභද ලබන, හදිසි ධන වාසනා ලාභ ලබන දිනකි. සිරස ගත රෝගාබාධ මතුවේ.

සිංහ ලග්නය

වෙහෙසව ක්‍රියාකිරීමට සිදුවන දිනකි. තරමක් ආවේගශීලී ගති මතු කරයි. කෙටි ගමන් බිමන්ද යෙදේ. වැයපසද නොහිතන තරමට වැයවෙයි. හදිසි ලාභද ලබයි. සන්ධිගත රෝගද මතු කරයි.

කන්‍යා ලග්නය

ශුභවාදී ඵල මතුකරන අතර තම අරමුණු තරමක් දුරට ජයගනී. තම ඥාති මිත්‍රාදීන්ගෙන් උදව් උපකාරද ලබයි. තම සුපුරුදු ක්‍රියාවන්හි ප්‍රබෝධයෙන් ක්‍රියාවේ යෙදේ. සෙම් කෝප රෝගද මතුවේ.

තුලා ලග්නය

ශුභාශුභ ඵල මතු කරයි. ගමන් බිමන් යෙදෙන නමුත් ප්‍රවේශම මැනවි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියාකිරීමට සිදුවෙයි. සුහදතා වර්ධන ක්‍රියාවන් වලට යොමුවෙයි. උදරාබාධ, වාත රෝග මතුවේ.

වෘශ්චික ලග්නය

ශුභාශුභ ඵලදෙයි. තරමක් ක්‍රියාශීලීව කටයුතු වල යෙදේ. ව්‍යාපාර වල දියුණුවක් පෙනේ. සතුරු බලපෑම් දමනය වෙයි. සමාජ සත්කාර වල යෙදේ. වැයපස ඉහළයි. සිරසගත රෝග මතුවේ.

ධනු ලග්නය

තම අභිමතයට වැඩකිරීමෙන් සතුරු බලපෑම් වර්ධනය වෙයි. සිත් කලකිරීම් ඇතිකරවන ක්‍රියාවන්හි යෙදේ. වෙහෙසව ක්‍රියාකිරීමට සිදුවෙයි. තම වෙළෙඳ ව්‍යාපාර වල තරමක අවාසි ගෙනදෙයි. සිරසගත රෝග දෙයි.

මකර ලග්නය

ගමන් බිමන් අධික වන අතර වැයපසද නොසිතූ ලෙස ඇතිවෙයි. ප්‍රේම සබඳතාවලට බාධා එල්ල වෙයි. ඇසුරු කරන්නන් සමග කතාවේදී ප්‍රවේශම්වීම මැනවි. අමතර ලාභ ලැබීම් ඇතිවෙයි. සෙම් කෝප රෝග දෙයි.

කුම්භ ලග්නය

රාජකාරි වලදී කැපී පෙනේ. අමතර වැයවීම් මත ණයතුරුස් වලට හේතු බැවින් බුද්ධිමත් වීම මැනවි. වාද විවාද වීම් ශුභවාදී නොවේ. දහමට ළැදිව ක්‍රියාකරයි. හදිසි ධන වාසනා ලබයි. ආමාශගත රෝග මතුකරයි.

මීන ලග්නය

වෙළෙඳ ව්‍යාපාරවලින් තරමක් ජය අත්වෙයි. තම ශක්තියෙන් කරන ක්‍රියාවන් ජයවෙයි. රාජකාරි ස්ථානවල කැපී පෙනෙයි. දහමට ළැදිව ක්‍රියාකරයි. බලාපොරොත්තු රහිත ලෙස වැය වෙයි. සන්ධි රෝග, ඉඳිමුම් රෝග මතුවේ.