රු. මි. 145 කට අධික මත්ද්‍රව්‍ය 14.562kg ක් - ලාංකිකයන් දෙදෙනෙක්මාට්ටු

Report

රුපියල් මිලියන 145කට අධික වටිනාකමකින් යුතු කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 14යි ග්‍රෑම් 562ක් සමඟ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ පිහිටි හරිත මාවත (Green Channel) ඔස්සේ කිසිදු බදු ප්‍රකාශ කිරීමකින් තොරව මෙම රහසිගත කුෂ් මත්ද්‍රව්‍ය තොගය පිටතට රැගෙන යාමට සැකකරුවන් උත්සහ කර ඇත.

එහිදී ඇතිවූ සැකය මත රේගු නිලධාරීන් විසින් සිදුකළ සෝදිසි කිරීමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට හැකිවූ බව සඳහන්.

මුළු ලංකාවටම අසුබ ආරංචියක් - මහ බැංකුවෙන් දැනුම්දීමක්

මුළු ලංකාවටම අසුබ ආරංචියක් - මහ බැංකුවෙන් දැනුම්දීමක්

අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සැකකරුවන් දෙදෙනා සහ කුෂ් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් මූලික විමර්ශන සිදුකරන අතර, ඉදිරි නීතිමය පියවර සඳහා ඔවුන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) වෙත භාරදීමට නියමිතය.

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ මෙම සැකකරුවන්ට පවතින සබඳතා අනාවරණය කරගැනීම සඳහා ගුවන් තොටුපළ බලධාරීන් සහ ආරක්ෂක අංශ එක්ව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මුළු ලංකාවටම වලංගු නිවේදනයක් - 11.30 දක්වා අදාල වේ

මුළු ලංකාවටම වලංගු නිවේදනයක් - 11.30 දක්වා අදාල වේ